Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සහ සේවාවන් සැපයිමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම.

කාර් යය ගාස්තුව
මුල් වරට ලියාපදිංචි කර ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා රු 200
ජාතික හැඳුනුම්පත සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා රු 500
නැති වු ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් නිකුත් කිරිම සඳහා රු 1000
වලංගු කාලය ඉකුත් වු ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත්  කිරීම  (විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු  රු 200
 එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා (අයදුම්පත් ගාස්තුවට අමතරව) රු 2000
 ජාතික හැඳුනුම්පත ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරිම සඳහා රු 2000
 ඡායාරූපාගාර ලියාපදිංචි කිරිම සඳහා රු 15000
 ඡායාරූපාගාර ලියාපදිංචිය අළුත් කිරීම සඳහා (වසර දෙකකට වරක්) රු3000

 

උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය

 

ජාතික හැඳුනුම්පත මුල්වරට ලබාගැනීම සඳහා සම්පූර්ණ කළයුතු අවශ්‍යතා

  • වයස අවුරුදු 15 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය හෝ හිස් ප්‍රතිඵල ලේඛනය හා දිවුරුම් ප්‍රකාශය.
  • නිසි ප්‍රමිතියට යටත්ව (ICAO) ඡායා රූප ලබා ගැනීමෙන් පසු නිකුත් කරනු ලබන මුද්‍රිත රිසිට්පත.
  • රු 200.00 ක් වූ අයදුම්පත් ගාස්තු.
  • රු 110.00 ක් වූ මුද්දර ඇල වූ දිග ලියුම් කවරය.

ජාතික හැඳුනුම්පතෙහි (නැති වූ) අනුපිටපතක් ලබැගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • ජාතික හැඳුනුම්පත නැති වූ බවට, වූ පොලිස් පැමිණිල්ල
  • නිසි ප්‍රමිතියට යටත්ව (ICAO) ඡායා රූප ලබා ගැනීමෙන් පසු නිකුත් කරනු ලබන මුද්‍රිත රිසිට්පත.
  • නැති වූ ජාතික හැඳුනුම්පත භාවිතා කළ බවට ලිඛිත සාක්ෂි (රියදුරු බලපත්‍රෙය් පිටපත, බැංකු පොතේ පිටපත)
  • රු 1000.00 ක් වූ අයදුම්පත් ගාස්තු
  • රු 110.00 ක මුද්දර ඇල වූ දිග ලියුම් කවරය.

ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • දැනට භාවිතා කරනු ලබන ජාතික හැඳුනුම්පත
  • නිසි ප්‍රමිතියට යටත්ව (ICAO) ඡායාරූප ලබා ගැනීමෙන් පසු නිකුත් කරනු ලබන මුද්‍රිත රිසිට්පත.
  • රු 500.00 ක් වූ අයදුම්පත් ගාස්තු
  • රු 110.00 ක මුද්දර ඇල වූ දිග ලියුම් කවරය

https://assets.roar.media/Sinhala/2018/04/05.jpg

ජාතික හැඳුනුම්පතක් ලබා ගන්නේ මෙහෙමයි

රටක පුරවැසියෙකු බව තහවුරු කිරීම සඳහා භාවිත වන ක්‍රමයක් ලෙස ජාතික හැඳුනුම්පත හැදින්විය හැකියි. ශ්‍රී ලංකාව තුළද තම පුරවැසියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කරන ලේඛනය වන්නේ ජාතික හැඳුනුම්පතයි. මෙම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයක් පවතින අතර එයට බාහිරව පිළිගත් හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වෙනවා. එනිසා එම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන සිටීම වැදගත් වෙනවා.

 

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට සපුරා තිබිය යුතු සුදුසුකම්

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට සපුරාගත යුතු මූලිකම සුදුසුකම වන්නේ නියමිත වයස සපුරා තිබීමයි. ඒ සඳහා ඔබ වයස අවුරුදු 16 ක් සපුරා තිබීම අවශ්‍ය වෙනවා. එම සුදුසුකම සපුරා ඇති පුද්ගලයන්ට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා එය ලබා ගත හැකියි. එම කාර්යාලය සුහුරුපාය, ශ්‍රී සුභුතිපුර පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටා තිබෙනවා.

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අවශ්‍ය ලියකියවිලි

 (අප භාවිතා කරන හැඳුනුම්පතක ඡායාරූපයක්)

 

ඉහත සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයෙකු හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කිරීමේදී නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතක් යොමු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා නියමිත අයදුම්පතක් පවතින අතර එය නිකුත් කරනු ලබන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි.

එම අයදුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ග්‍රාම නිලධාරි කාර්යාලය හරහා ලබා ගත හැකියි. එසේම පාසල් අයදුම්කරුවන් සදහා පාසලේ විදුහල්පතිවරයා මගින්ද ලබා ගැනීමට හැකියි. එලෙස මුල්වරට අයැදුම් කරනවාට අමතරව දැනට පවතින අයදුම්පතෙහි සංශෝධන ඉල්ලුම් කිරීමට හා හැඳුනුම්පත අස්ථානගත වූ අවස්තාවකදී ද එලෙස අයදුම්පතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා මුලදී වෙන වෙනම අයදුම්පත් වර්ග තුනක් භාවිතා වුවද 2016 න් පසුව මේ සෑම ඉල්ලුම් කිරීමක් සඳහාම යොදා ගන්නේ සමාන අයදුම් පත්‍රයකි.

 

එම අයදුම්පතට අමතරව ඉදිරිපත් කළ යුතු තවත් ලියකියවිලි කිහිපයක්ද පවතිනවා. එනම්,

  • උප්පැන්න සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපතක්.
  • පදිංචිය සනාථ කරන ලේඛනයක්.
  • මි.මී. 35 පළල මි.මී. 45 උස ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3ක්.(පාසල් අයදුම්කරුවන් නිල ඇඳුමින් ඡායාරූපයට පෙනී සිටිය යුතුය.)

මෙම ලියකියවිලි යොමු කිරීම අවශ්‍ය වන අතර වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන් උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන අනුමාන වයස් සහතිකයක් හෝ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විදේශයකදී උපත ලබා ඇති පුද්ගලයෙකු ඉල්ලුම් කරන අවස්ථාවකදී ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබාගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පුරවැසි සහතිකය හා එහි ඡායා පිටපතක්ද, අයදුම්කාරිය විවාහක කාන්තාවක් නම් ස්වාමිපුරුෂයාගේ නාමය ලබා ගැනීම අවශ්‍ය වූ අවස්ථාවකදී ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපතක්ද ඉදිරිපත් කළ යුතු වෙනවා.

 

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් හැඳුනුම් පතක් සඳහා ඉල්ලුම් කරන අවස්තාවකදී උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයක් නොමැති නම් පමණක් එම ලේඛන සෙවීමේ හිස් ප්‍රතිපල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග විකල්ප ලේඛන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එම විකල්ප ලේඛන ලෙස පාසල් හැරයාමේ සහතිකය, අයදුම්කරුගේ උපන්දිනය සටහන් වී තිබෙන දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්, හෝ උපන්දිනය ඇතුළත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය ආදිය යි.

නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත හා අවශ්‍ය ලිපි ලේඛන අදාළ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරිවරයාට, පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයාට, හෝ වතු සේවකයන් නම් වතු අධිකාරිවරයාට, භාරදිය යුතු වෙනවා. ඔවුන් හරහා එම ලේඛන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙනවා.

එක් දිනකින් හැඳුනුම්පතක් ලබා ගන්න ආකාරය

timesrilanka.com (නව හැඳුනුම්පත)

ඔබගේ අවශ්‍යතාවය අනුව හදිසියේම හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාද එක් දිනකින් හැදුනුම්පතක් ලබා ගැනීමට හැකි සේවාවක් පුද්ගලයින් ලියාපදිංචි කරවීමේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණීම අනිවාර්ය වන අතර එක් දින සේවාවක් සඳහා රජයේ ගාස්තු වශයෙන් රු.1000 ක මුදලක් අය කරනු ලබනවා. ඔබට එක්දින සේවාව යටතේ හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය බව ලිපියක් මාර්ගයෙන් ග්‍රාම නිලධාරිවරයාට හෝ විදුහල්පතිවරයාට දැන්විය යුතු වෙනවා. එහිදී අයදුම්පත සමග අනෙකුත් ලේඛන මුලින්ම ග්‍රාම සේවකවරයා මගින් සහතික කරගෙන පසුව ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කරවා ගත යුතුය. පසුව එම සියලු ලිපි ලේඛන සමග පුද්ගලයන් ලියාපදිංචි කරවීමේ දෙපාර්තමේන්තුවට පැමිණ එම එක්දින සේවාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ ආකාරයට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය හඳුනාගත හැකි වන අතර 2016 වසරේ සිට නව හැඳුනුම්පතක්ද හඳුන්වා දී තිබෙනවා. එනම් පෙර පැවති හැඳුනුම්පතේ ඇතුළත් වූයේ අංක 9ක් වන අතර නව හැඳුනුම්පතට අංක 12ක් ඇතුළත් වෙනවා. එලෙස අංක 12ක් ඇතුළත් කිරීමට හේතු වී තිබෙන්නේ 2000 වර්ෂයේ උපත ලැබූවන්ද මේ වනවිට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමයි. එසේම විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ලබා දීම පිළිබඳව ද මේ වන විට කටයුතු කෙරෙමින් පවතිනවා. එය වර්තමාන හැඳුනුම්පතෙහි ඇති ගැටලු ද අවම කරමින් නිර්මාණය වනු ඇති.

 

 

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top