Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

මරණ ලියාපදිංචිය

                       

නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
  • ග්‍රාම නිලධාරී විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
    • මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
    • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
    • අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට
      • මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට
      • මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
      • මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
    • ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
      • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
  • මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.

                     

ග්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාට දැනම් දෙන්න.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.

විදේශ රටකදී සිදු වූ ශ්‍රී ලාංකිකයකුගේ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණය සිදු වු වහාම එය අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය වෙත වාර්තා කළ යුතුයි.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • මැරුණු අයගේ ඥාතීයකූ විසින්
    • මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • මරණයට පත් අයගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
    • එම රටේදී නිකුත් කළ මරණ සහතිකය
    • අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
    • විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
  • ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් විසින් මරණය ලියාපදිංචි කරයි. මේ සදහා අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය විසින් අය කරනු ලබන ගාස්තු ගෙවිය යූතුය.
  • තානාපති / මහ කොමසාරිස් මරණය දැනුම් දුන් අයට මරණ සහතිකය නොමිලයේ නිකුත් කරනු ලබයි.

පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

ලියාපදිංචි කළ වත්තක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණය සිදුවී පැය 24 ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත මරණය දැනුම් දෙන්න.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • මැරුණු අයගේ ඥාතීයකූ විසින්
    • මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
    • මරණය සිදුවු ගොඩනැගිල්ලේ පදිංචිකරු
    • මරණය පිලිබද අවසන් කටයුතු කරන අය
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • මරණයට පත් වූ අයගේ වෛද්‍ය වාර්තා තිබේනම්
    • මරණයට පත් වූ අයගේ සායන වාර්තා තිබේනම්
  • වතු අධිකාරිවරයා විසින් මරණ වාර්තාව සටහන් කර සහතික කළ අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් මරණය ලියාපදිංචි කර මරණ සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
  • අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාල‍‍යෙන් මරණ සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

ලියාපදිංචි නොකළ මරණයක් ලියාපදිංචි කිරීම.

කල්ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම.

  • මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
  • එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
    • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • උනන්දුවක් දක්වන වෙනත් අය
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම/ දක්නට නොමැති වූ බවට සහතික නිකුත් කිරීම

සමහර පුද්ගල අතුරුදහන්වීම් මරණයක් වශයෙන් සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වීම නිසා හෝ එම පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතිකයක් ලියාපදිංචි කරගැනීමට ඥාතීන් අකමැති වීම හේතුවෙන්, එම අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ලියාපදිංචි කරන ලද කිසිඳු නීතිමය ලියවිල්ලක් නොමැති වීමෙන් ඔවුන්ගේ ඥාතීන්ට විවිධාකාර ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.

එබැවින්, උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවූ ගැටුම් හෝ එම ගැටුම්වලට පසුව හෝ දේශපාලන නොසන්සුන්තාව හෝ සිවිල් කැරලි කෝලාහල හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන්වී ඇති බවට වාර්තා කර ඇති තැනැත්තන් හෝ ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ ලෙස හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදාවල හෝ පොලිසියේ සාමාජිකයන් යන අයගේ අතුරුදහන් වීම් ලියාපදිංචි කිරීමට හැකිවනසේ 2016 අංක 16 දරන මරණ ලියාපදිංචි කිරීමේ(තාවකාලික විධි විධාන) (සංශෝධන) පනතින් ප්‍රතිපාදන සලසා ඇත.

දක්නට නොමැති බවට වූ සහතිකයක්" ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අයගේ ඥාතියෙකු විසිනි.
සැ.යු. - පනතේ 14 වගන්තියේ අර්ථ නිරූපනය අනුව "ඥාතියා " යනු,

  • කලත්‍රයා;
  • දරුකමට හදාගත් ළමයින්, විවාහ නොවූ දෙමාව්පියන්ගේ ළමයින් හෝ සුළු දරුවන් ඇතුළත්ව දරුවන්;
  • දෙමව්පියන්, සුළු මව, සුළු පියා, දරුකමට හදාගැනීමට ලබා ගත් තැනැත්තා;
  • පූර්ණ හෝ අර්ධ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ දරුකමට හදාගත් සහෝදරයන් හෝ සහෝදරියන්;
  • මාමණඩිය, නැන්දණිය, මස්සිනාවරුන්, නෑනාවරුන්, බෑණාවරුන්, ලේලිවරුන්;
  • මුණුපුරු, මිණිපිරියන් සහ සීයලා සහ ආච්චිලා.

ඉල්ලුම් කළ යුතු ආකාරය

අතුරුදහන් වී එක් වසරකට වඩා ගතවී ඇති තැනැත්තන් වෙනුවෙන්, "දක්නට නොමැති බවට වූ සහතිකයක්" ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අය අවසන් වරට පදිංචිව සිටි හෝ ඔහුගේ ස්ථිර වාසස්ථානය පිහිටි ප්‍රදේශයේ, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතය.

ඉල්ලුම්පත් සමග තිබිය යුතු අතිරේක ලියවිලි  (පනතේ 8 ආ වගන්තිය)

  • දිවුරුම් ප්‍රකාශය (ඇමුණුම 02)
  • ග්‍රාම නිලධාරී වාර්තාව (ඇමුණුම 03)
  • ඉල්ලීම තහවුරු කරන වෙනත් සාක්ෂි
  • කොමිෂන් සභාවල තීරණයේ සහතික කල පිටපතක්

පිටපත් හා පරිවර්තන ලබා ගැනීම.

මරණ සහතික වල පිටපත් ලබා ගැනීම.

  • මරණ සහතිකයේ පිටපත් 1960 සිට 2016 අතර, කාලය තුල පරිලෝකනය අවසන් කර තිබේ නම් පමණක් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්  හා මරණය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැක.
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  • මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
  • මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top