Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

 

උපත් ලියාපදිංචිය

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  • උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
  • ග්‍රාම නිලධාරී  විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
  • උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
    • භාරකරුවන්
  • උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.

ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.

  • උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.

  • උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාට දැනම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.

පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.

  • උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

ලියාපදිංචි වත්තක් තුලදී සිදු වන උපතක් ලියාපදිංචි කිරීම.

  • උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
    • දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
  • වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.

විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.

  • ශ්‍රී ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
  • උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • භාරකරු
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි,
    • නිවැරදිව නම් කරන ලද ප්‍රකාශය
    • උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
  • මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
  • දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
  • විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075

 

ලියාපදිංචි නොකළ උපතක් ලියාපදිංචි කිරීම

කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම.

  • උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
    • උනන්දුවක් දක්වන ඕනෑම අයකු
    • මව්පියන්ගෙන් කෙනෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  • උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
    • විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
    • උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
    • පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
      • රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

අනුමාන වයස් සහතික නිකුත් කිරීම.

  • උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
  • අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
    • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
    • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    • ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
    • රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    • ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
    • භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
    • ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,      
      • ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
      • පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
      • සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
      • පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
    • රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
    • සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
    • ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
  • තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.

උප්පැන්න ලේඛනයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම.

  • උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
    • 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
    • 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
    • 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
    • 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • උප්පැන්නය හිමි තැනැත්තා
    • පියා හෝ මව
    • නීත්‍යානූකුල භාරකරු
    • උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
    • මව්පියන්ගේ විවාහ සහතිකය
    • දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
    • පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
    • මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
    • විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
    • ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
    • ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
    • විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
    • පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය

පරිවර්තනය කරන ලද පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම.

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

  • උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගැනීම උපත සිදුවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී සිටින ප්‍රා දේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැක.
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  • උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
  • උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.

උප්පැන්න සහතිකවල පරිවර්තිත පිටපත් ලබා ගැනීම.

  • මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
  • ලබාගත හැකි පරිවර්තන
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00 - ප.ව. 3.00
  • ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ලබාගත හැකිය.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 500.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය : කාර්යාල දින 03කි.

පුවත් සහ සිදුවීම්

18
සැප්2026
සිරි සිද්ධාර්ථ මහ පෙරහැර - වල්ලඹගල උඩුවිල

සිරි සිද්ධාර්ථ මහ පෙරහැර - වල්ලඹගල උඩුවිල

ඇල්පිටිය ප්‍රිය සිද්ධාර්ථ මහ පෙරහර - වල්ලඹගල...

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

Scroll To Top