Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

විවාහ ලියාපදිංචිය

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
    • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    • කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    • සාමදාන විනිශ්චයකරුවකු
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    • දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
  • කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
  • විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ

නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
7 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
--- --- ---  
8 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
9 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම රජයට විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
10 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය

උඩරට විවාහ ලියාපදිංචි කිරීම

  • උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
  • උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
    • මධ්‍යම පළාත
    • උතුරු මැද පළාත
    • ඌව පළාත
    • සබරගමු පළාත
    • උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
    • නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
    • වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත.
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව   
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
    • උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
  • කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
  • උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 100.00 මුදලින් ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
7 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
- - - -
8 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය
9 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය
10 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 100.00 මුදලින් ගෙවිය යුතුය

සහතිකවල දෝෂ නිවැරදි කිරීම.

සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරීම.

  • විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සඳහා ඒකී විවාහයේ පාර්ශවකරුවන්ට මෙම ඉල්ලිම අධිකරණයට ඉදිරිපත් කල හැක.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි
  • නීතිඥයකු මගින් පාර්ශවකරුවන් පදිංචි ස්ථානය අයත් දිසා අධිකරණයට ඉල්ලිම ඉදිරිපත් කළ යුතුය.

උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරීම.

  • විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සදහා පර්ශවකරුවන්ට මෙම ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
  • ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • සිදුවි ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිව්රුම් ප්‍රකාශයක්
    • කරුණු තහවුරු කිරිමට අවශ්‍ය වෙනත් ලියවිලි

පරිවර්තනය කරපු පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම

  • විවාහ සහතිකයේ පිටපත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැක.
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
  • අයකරනු ලබන ගාස්තු,
    • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
    • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
  • අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
  • සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top